රාජ්‍ය නිලධාරීන්ට ලබා දෙන උත්සව අත්තිකාරම ප්‍රමාණවත් නොවන බැවින් එය ඉහළ දමන ලෙස රාජ්‍ය නිලධාරින්ගේ වෘත්තිය සමිති සම්මේලනය රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
මේ වන විට උත්සව අත්තිකාරම ලෙස ලබා දෙන රුපියල් 10,000ක මුදල රුපියල් 40,000 දක්වා ඉහළ දමන ලෙසයි ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ.
එසේම, අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් සඳහා ලබා දෙන රුපියල් 6000ක පාසැල් උපකරණ දීමනාව රාජ්‍ය නිලධාරීන්ගේ දරුවන්ට ද ලබා දෙන ලෙස එම සංගමය ඉල්ලා තිබෙනවා.