ආනයනය කරන ලද වාහනවල නීත්‍යානුකූලබව තහවුරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රේගුව විසින් නව ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා.
අන්තර්ජාලය හරහා මෙම පහසුකම සලසා දී තිබෙන අතර වාහනයේ චැසි අංකය ඇතුළත් කිරීමෙන් වාහනයේ නීත්‍යානුකූලභාවය තහවුරු කර ගැනීමට මෙහිදී හැකිවනවා.
2002 පසු ආනයනය කරන ලද සියලුම මෝටර් රථ සහ 2011 න් පසු ආනයනය කරන ලද සියලුම යතුරුපැදි පිළිබඳ විස්තර මෙහිදී දැනගැනීමට හැකිවනවා.
රට තුළ පවතින නීති විරෝධීව ආනයනය කරන ලද වාහන සංසරණය කිරීම අවම කිරීම සහ මෝටර් රථ වෙළඳපොලේ විනිවිදභාවය පෝෂණය කිරීම යන කරුණු අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා රේගුව විසින් මෙම ක්‍රමය හඳුන්වා දී තිබෙනවා.
මෙමඟින් වාහන විකුණුම්කරුවන්ට සහ ගැනුම්කරුවන වාහන මිලදී ගැනීමට පෙර පහසුවෙන් නීත්‍යානුකූලභාවය තහවුරු කර ගැනීමේ හැකියාව පවතිනවා.
පහත ලබා දී ඇති සබැඳිය ඔස්සේ පිවිසීමෙන් අදාළ තොරතුරු ලබා ගත හැකියි.