අස්වැසුම සුබසාධක ප්රතිලාභ ගෙවීමේ යෝජනා ක්රමය යටතේ මෙතෙක් ක්රියාත්මක වූ ක්රමවේදය සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් පසුගිය මැයි මස 17 වනදා නිකුත් කර තිබු අතිවිශේෂ ගැසට් නිවේදනය අවලංගුවනවා.
නව ගැසට් නිවේදනයට අනුව මෙතක් දුප්පත් පවුලකට හිමි වූ රුපියල් 8,500 දීමනාව රුපියල් 10,000 දක්වාත් අන්ත දිළිඳු පවුල් සඳහා හිමි වූ රුපියල් 15,000 දීමනාව රුපියල් 17,500 දක්වාත් ඉහළ දමා තිබෙනවා.
සම්පූර්ණ ගැසට් නිවේදනය පහතින්.