උණ රෝගයක් වැළඳී සිටි පුද්ගලයින් තිදෙනෙක් යාපනය ශීක්ෂණ රෝහලේදී දින දෙකක් ඇතුළත මරණයට පත්ව තිබෙනවා.
ඒ සම්බධයෙන් ඊයේ (09) දින පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ එම උන රෝගය නිශ්චිත වශයෙන් හඳුනාගැනීමට පෙර ඔවුන් මියගොස් තිබීම හේතුවෙන්. මෙසේ හඳුනා නොගත් උණ රෝගය හේතුවෙන් වෛද්‍යවරුන් ද බරපතල ගැටළුවකට මුහුණ දී ඇති බව වාර්තා වනවා.
වයස අවුරුඩු 42, 32ක් සහ 28 පුද්ගලයින් තිදෙනෙක් මෙලෙස මිය ගෝ ඇති අතර මියගිය පුද්ගලයින්ගේ ශරීර කොටස් කිහිපයක් වැඩිදුර පරීක්ෂණ සදහා කොළඹට යවා ඇති බව සඳහන්.
උණ හා කැස්ස වැළඳී ඇති රෝගීන් වහාම ළඟම පිහිටි රජයේ රෝහල වෙත ගොස් රුධිර සාම්පල පරීක්ෂාවක් සිදු කර ගැනීම ඉතා වැදගත් බවයි යාපනය ශීක්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා සදහන් කර සිටින්නේ.