ශ්‍රී ලංකා ජනාධිපති සහ ඉන්දිය අගමැති අතර අවබෝධතා ගිවිසුම් හුවමාරු කෙරේ


නාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ දිනවල ඉන්දියානු සංචාරයක නිරත වනවා. 

එම සංචාරයේ දී ඉන්දීය මැති ඇමතිවරු, නිලධාරීන් හමුවී ජනාධිපතිවරයා සාකච්ඡාවල නිරත වනවා. 

ඊයේ පස්වරුවේ දී (16) ඉන්දීය අග්‍රාමාත්‍ය නිල නිවස වන හයිද්‍රාබාද් මැදුරේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ ජනාධිපතිවරයා සාකච්ඡාවක නිරත වී තිබෙනවා. එහිදී ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ රාජ්‍ය නිලධාරීන්ගේ ශක්‍යතා වර්ධනය පිළිබඳ අවබෝධතා ගිවිසුම් ඉන්දු - ශ්‍රී ලංකා රාජ්‍ය නායකයින් ඉදිරියේ හුවමාරු කෙරුණා.

අනාගතවාදී දැක්මකින් දෙරට අතර සබඳතාවයට නව මුහුණුවරක් දෙමින් භෞතික, ඩිජිටල් සහ බලශක්ති යන කුළුණු තුන ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවට තාක්ෂණික සහාය දැක්වීමට ද දෙරට අතර විදුලිබල ජාල සම්බන්ධතාවය සහ බහු නිෂ්පාදන ඛනිජ තෙල් නල මාර්ගය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමුව තිබෙනවා.

ඉන්දීය සංවර්ධන සහයෝගීතාව ඉදිරියට ගෙන යමින් අනුරාධපුර දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතිය සහ කන්කසන්තුරේ වරාය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ආධාර ලබාදීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමුව තිබෙනවා.

ඉන්දීය අධ්‍යාපන සහයෝගිතාව යටතේ ලබන වසරේ සිට යාපනයේ සහ නැගෙනහිර පළාතේ විශ්වවිද්‍යාලවල සිසුන් 200කට මාසික ශිෂ්‍යත්ව පිරිනැමීමටද, ඉදිරි වසර පහ තුළ ශ්‍රී ලංකාවේ සිවිල් සේවකයන් 1500ක් ඉන්දියාවේදී පුහුණුව ලබාදීමට ද නිවාස, පුනර්ජනනීය බලශක්තිය සහ යටිතල පහසුකම් සමඟ, ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය, කිරි කර්මාන්තය සහ ධීවර කර්මාන්තය දියුණු කිරීම සඳහා ඉන්දියාව සහයෝගීතාවයෙන් කටයුතු කිරීමටද, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා කැමැත්ත පළ කර තිබෙනවා.

එසේම ආරක්ෂක සහයෝගිතාව (ඡොලොම්බො Sඑචුරිට්ය් ඡොන්ච්ලවෙ) යටතේ සමුද්‍ර ආරක්‍ෂාව, ත්‍රස්තවාදය පිටුදැකීම, සයිබර් ආරක්‍ෂාව, ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධවලට එරෙහිව සටන් කිරීම, මානුෂීය ආධාර සහ ආපදා සහන වැනි විෂයයන් සම්බන්ධයෙන් සහයෝගීතාව වැඩි දියුණු කිරීමට ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව තිබෙනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu