ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලි ජේ. චංග් මැතිණිය සහ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අතර හමුවක් අද (09) පැවැත්වුණා.
නව රජයේ බලශක්ති අමාත්‍යවරයාට සුබ පැතුම් එක් කිරීම සහ දෙරට අතර බලශක්ති ක්ෂේත්රයේ සහයෝගිතාව වර්ධනය කිරීමේ ක්‍රමවේද සාකච්ඡා කීරීම මෙම හමුවේ අරමුණ වුණා. මෙහිදී විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්රයේ වර්ධනයට අවශ්‍ය තාක්ෂණික සහ අනෙකුත් සහායන් ලබා දීමට ඇමරිකානු රජය කැමැත්තෙන් පසුවන බවත් ඉහළම ජනප්රසාදයකින් බලවත් ජනවරමක් ලබා ඇති නව රජය ලාංකීය ජනතා අභිලාෂයන් ඉටු කරනු ඇතැයි දැඩි ලෙස අපේක්ෂා කරන බවත් සඳහන් කල තානාපතිවරිය ඒ සඳහා ඇමරිකානු රජයේ සහාය ලැබෙනු ඇති බවත් ප්‍රකාශ කලා.
මෙහිදී බලශක්ති අමාත්‍යවරයා නව රජයේ බලශක්ති ප්‍රතිපත්තිය සහ බලශක්තිය පිළිබඳව දැක්ම සම්බන්ධයෙන් පැහැදිලි කල අතර විශේෂයෙන්ම පුනර්ජනනීය විදුලිබල ක්ෂේත්රය සඳහා ඇමරිකානු රජයේ සහාය අපේක්ෂා කරන බව ද ප්‍රකාශ කර සිටියා.