2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ආදායම් හා වියදම් වාර්තා මැතිවරණ කොමසාරිස් කාර්යාලයටත්, දිස්ත්‍රික්කවල තේරීම් භාර නිලධාරීටත් භාර දීමට දී තිබූ කාලයඅද(06) දිනයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති අර්.එම්.ඒ.එල් රත්නායක මහතා ඊයේ (05) විශේෂ මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියා.
දෙසැම්බර් තුන්වනදා හවස්වරුව වන විට අපේක්ෂකයින් 8361ක් අතරින් 1985 දෙනෙකු සහ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් වෙනුවෙන් කණ්ඩායම් 690කින් 106 දෙනෙකු වියදම් වාර්තා භාර දී ඇති බව සභාපතිවරයා එහිදී පවසා සිටියා.
එසේම ජාතික ලැයිස්තුවේ 527 දෙනෙකු වියදම් වාර්තා භාර දීමට සිටියත් 57 දෙනෙකු පමණක් එලෙස වාර්තා භාර දී තිබෙන බව සඳහන්.
අද දිනයෙන් පසු මෙම වර්තා භාර දීමේ කාල සීමාව දීර්ඝ කිරීමට හැකියාවක් නොමැති බවයි සභාපතිවරයා පවසා සිටියේ.
එසේ වියදම් වාර්තා භාර නොදෙන අපේක්ෂකයින්ට දණ්ඩ නීති සංග්‍රහය යටතේ නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවන බව සභාපතිවරයා ප්‍රකාශ කලා.