ගුරු පුහුණුව ලැබූ සියලුම සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම සම්බන්ධයෙන් මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සමථයක් ඇති වුවද එම සමථය මේ දක්වා ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මතභේදාත්මක තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ ඇතිවූ සමථය අනුව කටයුතු කර තිබේදැයි පැහැදිලි කරන වාර්තාවක් ලබා දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) නීතිපතිවරයාට දැනුම් දී තිබෙනවා. එම වාර්තාව ලබන පෙබරවාරි මස 27 වනදා ඉදිරිපත් කරන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබෙන්නේ.
මෙම දැනුම් දීම සිදු කර ඇත්තේ මේ සම්බන්ධයෙන් සංවර්ධන නිලධාරීන් විසින් ගොනුකළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුවයි.