පාසැල් සංවර්ධන නිලධාරීන් පිරිසක් පසුගියදා ගුරු පත්වීම් ඉල්ලා බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වුණා.
එම විරෝධතාවය අතරතුර දී පොලිස් නිලධාරීන් තිදෙනෙකු තියුණු ආයුධයකින් කපා තුවාල කිරීම සම්බන්ධයෙන් වූ සිද්ධියට පුද්ගලයෙකු අත් අඩංගුවට ගනු ලැබුවා. එම පුද්ගලයා යුද හමුදා බුද්ධි අංශ නිලධාරියකු බවට මෙතෙක් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බව තලංගම පොලීසිය විසින් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.
මෙම පුද්ගලයා එදින උදෑසන සිටම පොලිස් නිලධාරීන් සමඟ පැමිණි සිටි අයෙකු බවත් තම සේවාදායකයා එම අපරාධය සිදුකල බවට ඒත්තු ගැන්වීම සඳහා ඔහු පොලිස් නිලධාරීන්ට කැපුම් තුවාල සිදු කර ඇති බව පෙනී යන බවත් සැකකාර සංවර්ධන නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට පවසා තිබෙනවා.
කැපුම් තුවාල සිදු කල එම පුද්ගලයා සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වා එම විමර්ශනවල ප්‍රගතිය තම අධිකරණයට වාර්තා කරන ලෙසට කඩුවෙල මහෙස්ත්‍රාත් චාගිමා විජේබණ්ඩාර මහත්මිය පොලීසියට නියෝග කර තිබෙනවා. එසේම රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාසල් සංවර්ධන නිලධාරින් සිවු දෙනා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට ද නියෝග ලබා දී තිබුණා. ඔවුන් එලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණේ පොලිස් රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා යටතේයි.