විදුලි බිල අඩු කිරීමට හැකියාවක් පවතීද ?


මෙ
ම කාල වකවානුවේ දී විදුලි ගාස්තු සංශෝධනයකට යෑම අසීරි යැයි ලංකා විදුලි පොදු සේවක සංගමය පවසනවා. 

පසුගිය කාලයේ දී රුපියල් බිලියන 109ක ලාභයක් උපයා ඇති බැවින් විදුලි බිලෙහි අඩු කිරීමක් සිදු කරන ලෙසයි ඉල්ලීම් කර තිබුණේ. නමුත් එලෙස ලාභයක් ලබා ගත්තත් පසුගිය කාලයේ රුපියල් බිලියන 500ක් පමණ ණය වී ඇති බැවින් මෙලෙස විදුලි බිල අඩු කිරීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවයි ලංකා විදුලි පොදු සේවක සංගමයේ සභාපති  නීතිඥ මාලක වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත්තේ. 

එලෙස ලබාගත් රුපියල් බිලියන 500ක ණය මුදලෙන් බිලියන 120ක්ම ලබා ගෙන ඇත්තේ  ඛනිජ තෙල් සංස්ථාවටයි.

දැනට උපයා ඇති ලාභයෙන් රුපියල් බිලියන 106ක ප්‍රමාණයක් සුනීත්‍ය බලයෙන් ලබාගත් විදුලිය, තාප බලය හා ගල් අඟු‍රු සඳහා ගෙවීමට සිදුව ඇති බැවින් තවත් ඉතුරු වන්නේ  බිලියන 2.7 ක් වැනි ප්‍රමාණයක් බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu