මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් හා හිටපු ජනාධිපතිවරුන්ට ලබා දෙන දීමනා හා හිමිකම් පිළිබඳ නැවත සලකා බැලීම සඳහා පසුගියදා කමිටුවක් පත් කරනු ලැබුවා.
එම කමිටුව හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වුණු අතර එහි කමිටු වාර්තාව ඊයේ (02) ජනාධිපති කාර්යාලේයේ දී අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත භාරදෙනු ලැබුවා.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මෙම අවස්ථාවට එක්ව සිටියා.