බන්ධනාගාර තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාලය සම්බන්ධ කටයුතු මැඬ පැවැත්වීමට පියවර ගන්නා ලෙස අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
ජනාධිපතිවරයා මෙලෙස උපදෙස් ලබා දී ඇත්තේ ඊයේ (30) ජනාධිපති කාර්යාලයේ දී අදාළ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදීයි.
මත්ද්‍රව්‍ය සහ පාතාලය සම්බන්ධ රැඳවියන්ගේ නඩු කටයුතු කඩිනමින් නිම කරන ලෙසට එහිදී ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති අතර ඒ සඳහා මාර්ගගත ක්‍රමය අනුගමනය කිරීමේ හැකියාව පවතින බවද ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.
මාර්ගගත ක්‍රමයට නඩු කටයුතු සිදු කිරීමේ දී මතු වන දුෂ්කරතා හඳුනාගෙන ඊට අදාළ යටිතල පහසුකම් වැඩිදියුණු කරන ලෙසත්, බන්ධනාගාර තුළ සිදුවන අක්‍රමිකතා සඳහා නිලධාරීන්ගේද සම්බන්ධයක් ඇති බවට මතු වන චෝදනා සොයා බලා ඊට සම්බන්ධ වන නිලධාරීන්ට ආයතනයේ විනය ක්‍රියා මාර්ගවලට එහා ගොස් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ දැනට තිබෙන පුරප්පාඩු කඩිනමින් පිරවීමට පියවර ගන්නා ලෙසත් මෙහිදී ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට වැඩි දුරටත් උපදෙස් ලබා දී ඇති බවයි පැවසෙන්නේ.