පොල් සහ හාල් සතොසින්, ලබාදෙන උපරිම සිල්ලර මිල


වතින පොල් සහ සහල් හිඟය නිසා මහජනතාව පසුවන අපහසුතාවය මඟහරවා ගැනීමට සතොස ජාලය හරහා සහල් සහ පොල් බෙදා හැරීමට රජය විසින් කටයුතු යොදා තිබෙනවා. 

අද උදෑසන සිට කොළඹ ප්‍රදේශයේ සතොස ශාඛා 147 හරහා මෙලෙස පොල් සහ නාඩු සහල් බෙදා හැරීම ආරම්භ කර ඇති බවයි සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා පවසා ඇත්තේ. 

කොළඹින් බැහැර ප්‍රදේශවලට හෙට (06) සිට මෙය ක්‍රියාත්මක වනවා. 

ඒ අනුව එක් පුද්ගලයෙකුට සතොස ශාඛාවකින් වරකට පොල්ගෙඩි තුනක් සහ සහල් කිලෝ පහක් ලබා ගත හැකියි. මෙහිදී නාඩු සහල් කිලෝවක් රුපියල් 220කටත් පොල් ගෙඩියක් රුපියල් 130කටත් මිලදී ගත හැකි බවයි සභාපතිවරයා වැඩි දුරටත් පවසා ඇත්තේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu