ජීවිත ආරක්ෂාව වෙනුවෙන් සිවිල් පුරවැසියෙකුට ලබා දී තිබුණු සියලුම වර්ගයේ ගිනි අවි පතොරම් නැවත ආරක්ෂක අමාත්‍යාංශයට භාර දීමට ලබා දී තිබූ කාලය පසුගිය නොවැම්බර් මස 21වනදායින් අවසන් වුණා.
එසේ භාර නොදුන් ගිනි අවි සහ අභියාචනා නොකළ ගිනි අවි නීති විරෝධී අවි ලෙස සලකා කටයුතු කරන බවයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර තිබුණේ.
කෙසේ වෙතත්, සිවිල් පුරවැසියෙකුට තම ජීවිත ආරක්ෂාව වෙනුවෙන් උපරිමය එකකට යටත්ව නැවත ගිනි අවි නිකුත් කිරීමට ආරක්ෂක ආමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.