ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු අද (02) දිනයේ දී නව අගවිනිසුරුවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.
ඇය මෙරට අගවිනිසුරුවරිය ලෙස පත්වන දෙවන කාන්තාවයි. පළමු අගවිනිසුරුවරිය ලෙස ශිරාණි බණ්ඩාරනායක කටයුතු කර තිබුණා.
මුර්දු ප්‍රනාන්දු මහත්මිය 1985 වසරේ දී නීතිපතිදෙපාර්තමේන්තුවට එක් වූ අතර ඇය 1997 වසරේ දී නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ධූරයට පත්වුණා. පසුව ඇය 2014 වසරේ දී අතිරේක සොලිස්ටර් ජනරාල් ධූරයට උසස් වීම් ලැබුවා.
ඇය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක ලෙස පත්වීම් ලැබූවේ 2018 වසරේ දීයි, පසුව 2024 ඔක්තොබර් 10වන දින ඇය වැඩබලන අගවිනිසුරු ධූරයට පත් කරනු ලැබුවා.