ලංකා විදුලිබල මණ්ඩය මෙම වසර තුලදී ලාභ ලබා ඇති බැවින් එහි සේවකයින්ට ප්‍රසාද දීමනා ලබා දෙන එහි වෘත්තිය සමිති ඉල්ලීමක් කර තිබුණා.
නමුත් එම ලාභ ලැබූ මුදල් ණය මුදල් ආපසු ගෙවීම් සහ විදුලි ගාස්තු අඩු කිරීමට යොදවා ඇති බැවින් මෙම වසරේදී ද ලංකා විදුලිබල මණ්ඩල සේවකයින්ට ප්‍රසාද දීමනා ලබා නොදීමට එම මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබෙන බව පැවසෙනවා.
දෙසැම්බර් 10වනදාට පෙර සේවක ප්‍රසාද දීමනා ලබා දෙන ලෙස ලංකා විදුලි සේවක සංගමය පසුගියදා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබූණා.