මෙන්ඩිස් මත්පැන් නිෂ්පාදනය හෙට සිට අත් හි‍ටුවයි


සු
රාබදු දෙපාර්තමේන්තුව වෙත ගෙවිය යුතුව තිබූ සුරා බද්ද හා ඊට අදාල 3%ක මාසිකව ගෙවිය යුතු අධිහාරය වන රුපියල් බිලියන 5.7ක මුදල ගෙවීම පැහැර හැරීම හේතුවෙන් ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. 

මෙය හෙට (05) සිට ක්‍රියාත්මක කිරීමටයි සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර තිබෙන්නේ.

එම හිඟ බදු මුදල් හා අධිහාරය තවදුරටත් ගෙවීම පැහැර හැර්රිමක් සිදුවුවහොත් එම සමාගමට නිකුත් කර ඇති සියලුම සුරාබදු මත්පැන් බලපත්‍ර දෙසැම්බර් (31) දිනෙන් ඔබ්බට දීර්ඝ නොකිරීමට ද සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu