ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඉහළ නිලධාරීන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (05) පැවැත්වුණා.
රට තුළ ඇති වී තිබෙන දේශපාලන ස්ථාවරත්වයත් සමඟ ආයෝජනයට සුදුසු පරිසරයක් නිර්මාණය වී තිබෙන බවත්, නව ආයෝජන අවස්ථා ලබා දීමේදී දේශපාලන හිතවත්කම් මත එම අවස්ථා ලබා දීම ආදී කිසිඳු ආකාරයේ දේශපාලන බලපෑමක් මින් ඉදිරියට සිදු නොවන බවත්, රටට හිතකර පිරිසිදු ආයෝජන ගෙන්වා ගැනීමේ පූර්ණ නිදහස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ලබා දෙන බවත් ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබෙනවා.
තවද, දේශපාලන ස්ථාවරත්වය මෙන්ම රට තුළ මූල්‍ය ස්ථාවරත්වය ද ළඟා කරගත යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ සඳහා ආයෝජන මණ්ඩලයට විශාල වගකීමක් පැවරී තිබෙන බව ද පවසා සිටියා.
ආයෝජන මණ්ඩලයේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට අවශ්‍ය ප්‍රතිපාදන ඉදිරි අයවැයෙන් ලබා දීමට මෙන්ම නව ආයෝජන කලාප පහක් ලබන වසරේදී රට තුළ ඇති කිරීමට අවධානය යොමුව තිබෙන බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩි දුරටත් සඳහන් කර සිටියා.