ෆෙන්ගල් සුළි කුණා‍ටුවේ නවතම තත්ත්වය


ෆෙ
න්ගල් සුළි කුණා‍ටුව මේ වන විට ඉන්දියාව තුළට ඇතුල් වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

මෙම සුළි කුණා‍ටුව උතුරු තමිල්නාඩු-පුදුචේරි වෙරළ තීරය හරහා ගමන් කරමින් ඉන්දියාවට ඇතුල් වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.  එය බටහිර-නිරිත දෙසට ගමන් කරමින් ක්‍රමයෙන් ගැඹුරු පීඩන අවපාතයක් දක්වා දුර්වල වීමට ඉඩ ඇති බවයි පැවසෙන්නේ. 

මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ කාලගුනයට ෆෙන්ගල් සුළිකුණා‍ටුවෙන් වන බලපෑම තවදුරටත් අඩු වෙමින් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසා සිටින්නේ. 

කෙසේ වෙතත් තව දුරටත් උතුරු පළාතේ අහස වලාකුලින් බරව පවතින බවත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් පැවසෙනවා. 

එසේම, බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරුමැද පළාත්වලත් මහනුවර, නුවර එළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බවටයි අනාවැකි පැවසෙන්නේ. සෙසු ප්‍රදේශවලට සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට ඉඩ පවතී. 

උතුරු, උතුරුමැද, වයඹ,බස්නාහිර, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී 50-55ක පමණ තද සුළං ඇති විය හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu