පාර්ලිමේන්තුවේ සිටින සියලුම මන්ත්රීවරුන්ට සිය වත්කම් බැරකම් ප්රකාශ ලබා දීමට ලිඛිතව දැනුම් දීමක් කර තිබෙනවා.
දූෂණ විරෝධී පනතේ 82 – 2 වගන්තිය අනුව මෙලෙස දැනුම් දීම සිදු කර ඇති අතර එම වගන්තිය ප්රකාරව මන්ත්රිධුරයේ දිවුරුම් දී මාස තුනක් ඇතුළත ඕනෑම පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් සිය වත්කම් බැරකම් ප්රකාශ ලබා දිය යුතු වනවා.
ඒ අනුව ලබන පෙබරවාරි මස 21 වන දිනට පෙර මෙම වත්කම් බැරකම් ප්රකාශ සියලුම පාර්ලිමේට්න්තු මන්ත්රීවරුන් විසින් ලබා දිය යුතු අතර එසේ නොකරන මන්ත්රීවරුන්ට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට බලය පැවරී තිබෙනවා.