මුහුදු රළ රුදුරු වී දහස් ගණනින් ජීවිත බිළිගත් දවස ගතවී වසර විස්සක් - PHOTO


හස් සංඛ්‍යාත ජීවිත ගණනක් බිලිගත් රුදුරු සුනාමි ව්‍යසනය සිදු වී වසර 20ක් ගතව තිබෙනවා. 

2004.12.26 වන දින ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් බොහොමයකට බලපෑ මෙම සුනාමි ව්‍යසනයෙන් බොහෝ පිරිසක් මිය ගියා. තවත් බොහෝ පිරිසක් රුදුරු රළ අතර අතුරුදන්ව ගොස් තිබුණා. 

2004 දෙසැම්බර් 26 වැනිදා ඉරිදා අලුයම 6.58 ට හටගත් භූමිකම්පාව හේතුවෙන් මෙම සුනාමි රළ ඇති වූ අතර එය ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, මැලේසියාව, මාලදිවයින හා බුරුමය යන රටවල් ද අප්‍රිකාවේ සෝමාලියාව යන රටවල්වලට දරුණු ලෙස බලපෑමක් එල්ල කලා. 

මෙම ව්‍යසනයෙන් ලොව පුරා 225000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වූ බවයි තොරතුරු සඳහන් කර තිබුණේ.  





























ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu