වේයන්ගොඩ – වඳුරව ප්‍රදේශයේ ඉදිවෙමින් ඇති මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නයේ ස්ථානයක නිධානයක් ඇතැයි සැක මත එය ගොඩ ගැනීම සඳහා අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග ලබා දී තිබුණා.
මෙය අධිකරණ නියෝගයක් මත නිධානයක් ගොඩ දැමීමට කැණීම් සිදු කරන පළමු අවස්ථාව වනවා.
ඒ අනුව පෙරේදා (21) කැණීම් කටයුතු ආරම්භ කළ අතර මෙම කැණීම් කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය, මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, රජයේ රස පරීක්ෂක, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන රැසකම නිලධාරින් හැටකට අධික පිරිසක් එක්ව තිබෙනවා. මහජනතාවට ද කැණීම් කටයුතු නැරඹීමට අවස්ථාව සලසා දී තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් සිදුකළ පරීක්ෂණයකදී අනාවරණය වී තිබුණේ කිසියම් දෙයක් පොළොව අභ්‍යන්තරයේ ඇති බවටයි. ඒ අනුව කැණිම් කටයුතු සිදු කලත් වර්ෂාව නිසා විටින් විට කැණීම් කටයුතු නවතා දැමීමට සිදු වුණා. කෙසේ වෙතත් මේ වන විට අඩි 20 ක ගැඹුරකට කැණීම් කටයුතු සිදු කර ඇති අතර විශාල විශ්කම්භයකින් යුත් ගලක් මතුව තිබෙන බවයි පැවසෙන්නේ. ඒ අනුව එම ගල් තලාව පුපුරුවා හැරීම සදහා කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා.