නැන්දම්මාගේ කේලම් නවතන්න බෑණා කටට වෙඩි තියයි


කා
න්තාවකගේ කටට වෙඩි තැබීමේ සිද්ධියක් වවුනියාවේ සුන්දරපුරම් ප්‍රදේශයෙන් වාර්තාවනවා. 

වෙඩි වැදුණු කාන්තාව බරපතල තුවාල ලබා ඊයේ(05) වවුනියාව මහ රෝහලට ඇතුළත් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

මෙසේ වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 53ක කාන්තාවක්වන අතර ඇයගේ බෑණා කෙනෙකු විසින් මෙම ව්වෙඩි තැබීම සිදු කර ඇති බවයි සඳහන් වන්නේ. මෙම කාන්තාව කේලම් කීමේ සිද්ධියකට උරණ වී බෑණා විසින් ඇයගේ කටට වෙඩි තබා තිබෙනවා. 

වෙඩි තැබූ පුද්ගලයා මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඊච්චන්කුලම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu