විශ්ව විද්‍යාල සහ උසස්පෙළ සිසුන්ගේ ඡන්ද අයිතිය සු‍රැකීමට මැතිවරණ කොමිසමෙන් ගත් තීරණය


වි
ශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් විශ්වවිද්‍යාල සිසුන්ගේ ඡන්ද අයිතිය සුරක්ෂිත කිරීම සඳහා එළඹෙන නොවැම්බර් 13 සහ 14 දෙදින වහාම නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබෙනවා. 

මැතිවරණ කොමිසන් සභාව විසින් නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත්තේ එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණ ජන්ද විමසීමේදී රාජ්‍ය විශ්ව විද්‍යාල කාර්යමණ්ඩල වලට මෙන්ම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ද ජන්දය ප්‍රකාශ කල හැකි අයුරින් නිවාඩු ලබා දීමට පියවර ගන්නා ලෙසයි. 

රජ්‍ය විශ්ව විද්‍යාල යටතට නොගැනෙන පෞද්ගලික විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන විසින්ද කාර්ය මණ්ඩල හා සිසුන්ට ජන්දය භාවිතා කිරීමට හැකි වන පරිදි නිවාඩු ලබා දිය යුතු බව එම නිවේදනයේ සඳහන්. 

2006 වසරේ මැයි මස 31වන දිනට පෙර උපන් වසය අවුරුදු 18 සම්පූර්ණ වන අයගේ නම් ද ජන්ද හිමි නාමලේණයේ ලියාපදිංචි වී ඇති බැවින් උසස් පෙළ සිසුන්ට ද ඡන්දය ප්‍රකාශය කිරීමට හැකිවන සේ උපකාරක පංති පවත්වන ලෙස මැතිවරණ කොමිසන් සභාව එම ලිපියෙන් වැඩිදුරටත් දන්වා සිටිනවා.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu