අමෙරිකාවේ තේරී පත්වූ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට සැලසුම් කල පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගෙන තිබෙනවා.
ෆර්හාද් ශකේරි නම් පුද්ගලයා මෙම ඝාතන සැලසුම්වලට සම්බන්ධ බව සොයාගෙන ඇති අතර ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල ජාතිකයින් ඝාතනය කිරීමට ඇලසුම් කර ඇත්තේ ද මොහු විසින් බව තොරතුරු අනාවරණය කර ගෙන තිබෙනවා.
මෙම තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ කාර්ලිස්ල් රිවේරා නමැති 49 හැවිරිදි පුද්ගලයෙකු නිව්යොර්ක් නුවර බෘෘක්ලින් හිදී සහ ජොනත් ලෝඩ්හෝල්ට නම් 36 හැවිරිදි පුද්ගලයෙකු නිව්යෝර්ක් හි ස්ටැටන් දූපතේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවයි.
මෙම ප්‍රහාරවල මහ මොළකරු ලෙස හඳුනාගෙන ඇති 51 හැවිරිදි ඉරාන ජාතික ෆර්හාද් ශකේරි නමැති පුද්ගලයා අත ඩංගුවට ගැනීමට මෙතෙක් නොහැකි වී ඇති අතර අමෙරිකාව් විශ්වාස කරන්නේ ඔහු ඉරානයේ රැඳී සිටින බවයි.
ශකේරී කුඩා වියේදී සරණාගහයෙකු ලෙසින් අමරිකාවට පැමිණ ඇති අතර ඔහු 2008 දී ඩොරකමක් සම්බන්ධයෙන් වසර 14ක සිරදඬුවමකින් පසුව රටින් පිටුවහල් කර තිබෙනවා.
ඔහු 2019 වසරේ දී ශ්‍රී ලංකාවේදී හෙරොයින් තොගයක් සමඟ අත් අඩංගුවට පත් වී තිබූ බවත් අතර පසුව පසුව ඔහු නිදහස් කර ඇති බවත් එන්.ඩී.ටී.වී. නාලිකාව වාර්තා කරනවා.
අමෙරිකාවේ සිරගතව සිටි කාලයේ දී ඔහු ඇතිකරගත් අපරාධ ජාලය භාවිතා කරමින් ඝාතන සිදුකිරීම, මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම ඇතුළු අපරාධ සිදුකරන්නේ ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය වෙනුවෙන් බවයි වාර්තා වන්නේ.
කුමන්ත්‍රණ කරුවන් ට්‍රම්ප් ජනාධිපතිවරණය පරාජය වනු ඇතැයි විශ්වාස කල බවත් මැතිවරණයෙන් අනතුරුව ඔහුව වෙඩි තබා ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බවත් එසේ ප්රහාරයන් සැලසුම් කර ඇත්තේ ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ නියෝජිතයෙකුගේ මෙහෙයවීමෙන් බවත් තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.
එහෙත් මේ වන තෙක් ට්‍රම්ප් ඝාතන කුමන්ත්‍රණය පිටුපස ඉරානය සිටින බව ට එල්ලවන චෝදනාවට ඉරානය කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ.