සිය ඉල්ලීම්වලට විසඳුම් නොලැබුණකොත් නැවත හෙට (02) දිනයේ දී වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. දීපවාලී උත්සරය හේතුවෙන් මෙම වැඩවර්ජනය අත් හිටුවා තිබුණා.
වැටුප් විෂමතා නිවැරදි කිරීම සහ බදවාගැනීම් හා උසස්වීම් ක්‍රියා පටිපාටිය විධිමත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වැඩ වර්ජනය දියත් කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කළා.
පෙරේදා (30) දියත් කල එම වැඩ වර්ජනය එදිනම මධ්‍යම රාතියේදී අවසන් කලේ දීපවාලී උත්සවය හේතුවෙන් . මේ අතර දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ මෙම වැඩ වර්ජනය සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් ද නිකුත් කර තිබුණා.