විහාරස්ථාන සහ ආගමික ස්ථානවල සිටින ආරක්ෂක හමුදාව ඉවත්කර ගැනීමේ පුවත සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක්


රක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ දිවයින පුරා පිහිටි විහාරස්ථාන ඇතුළු ආගමික සිද්ධස්ථානවල ආරක්ෂාව විධිමත්ව පවත්වාගෙන යාම සදහා අනුයුක්ත කොට ඇති ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සහ සිවිල් ආරක්ෂක බළකාය ඉවත් කර නොගන්නා බවයි. 

එම ආරක්ෂක හමුදා සාමාජිකයින් විහාරස්ථාන ඇතුළු ආගමික සිද්ධාස්ථානවලින් ඉවත් කර ගැනීමට රජය තීරණය කර ඇති බව පවසමින් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ අසත්‍ය ප්‍රචාරයක් සංසරණය වෙමින් ඇති බවත් රජය විසින් එවැනි කිසිඳු තීරණයක් ගෙන නොමැති බවත් ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu