සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මෙන්ඩිස් සමාගමට හිඟ බදු ගෙවීමේ අවසන් කාලය දැනුම් දී තිබෙනවා.
ඒ අනුව, නොවැම්බර් 30 වන දින වන විට හිඟ බඳු ගෙවීමට අපොහොසත් වුවහොත් මෙන්ඩිස් සමාගමේ නිෂ්පාදන කටයුතු අත්හිටුවීමට පියවර ගන්නා බව සුරා බදු දෙපාර්තමේන්තුව පවසනවා.
ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන රන්දෙව් දිනෙන්ද්‍ර ජෝන් විසින් තමන් ඇප මත මුදා හරින ලෙස කල ඉල්ලීම අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඔහුට මාස හයක සිර දඬුවම් කාලයක් නියම වී තිබෙනවා. නමුත් මහේස්ත්‍රාත් අධිකරණ තීන්දුවට එරෙහිව එම අධ්‍යක්ෂකවරයා විසින් ඉදිරිපත් කර ඇති පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන බව අභියාචනාධිකරණය පවසා තිබෙන බව සඳහන්.