නව පාර්ලිමේන්තුවට පත් වූ නවක මන්ත්‍රීවරුන් ඇතුළු සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද දින සිට දින තුනක් විශේෂ වැඩමුළුවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මෙම වැඩමුළුව පාර්ලිමේන්තුවේ කාරක සභා අංක 01හිදී උදෑසන 9.30 සිට සවස 4.30 දක්වා පැවැත්වීමට නියමිත බවයි පැවසෙන්නේ.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, කථානායක ආචාර්ය අශෝක රන්වල, නියෝජ්‍ය කථානායක වෛද්‍ය මොහොමඩ් රිස්වි සාලි, නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර, සභානායක අමාත්‍ය බිමල් රත්නායක, ඇතුලු පිරිසක් වැඩමුළුවේ සමාරම්භය සඳහා සහභාගීවනවා.
පාර්ලිමේන්තු වරප්‍රසාද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ කාර්ය භාරය, පාර්ලිමේන්තුව තුළ නීති සම්පාදිත ක්‍රියාවලිය, පාර්ලිමේන්තු කාරක සභා ක්‍රියාවලිය ආදී දේ සම්බන්ධයෙන් මෙම වැඩමුළුවේ දී මන්ත්‍රීවරුන් දැනුවත් කරනු ඇති. ඉලෙක්ට්‍රොනික ඡන්ද ක්‍රමය භාවිතයෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වන ප්‍රායෝගික සැසියක් ද මෙම දින තුන ඇතුළත පැවැත්වීමට නියමිතයි.