වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමේ තීරණයක්


ස්ට්‍රේලියා අගමැති Anthony Albanese ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටින්නේ වයස අවුරුදු 16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් කරමින් නව නීති සම්මත කිරීමට පියවර ගන්නා බවයි. 

මෙය දෙමව්පියන් වෙනුවෙන් ගත් තීරණයක් බවත් සමාජ මාධ්‍ය දරුවන්ට සැබෑ හානියක් ඇති කරන බවත් අගමැතිවරයා පවසා තිබෙනවා. 

එසේම තරුණ පරිශීලකයින් ආරක්ෂා කිරීමට අපොහොසත්වන තාක්ෂණික සමාගමවලට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි අගමැතිවරයා ප්‍රතිඥා දී ඇත්තේ. 

නව නීති නොවැම්බර් මස අගදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඊට පෙර රාජ්‍ය සහ ප්‍රදේශ නායකයින්ට ඉදිරිපත් කරන බවයි අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu