පාසැල් සිසුවියන් දෙදෙනෙක් වික්ටෝරියා ජලාශයට පැනීමේ සිද්ධියක් ඊයේ (23) වාර්තා වුණා.
මෙම සිසුවියන්ඩ් දෙදෙනා අත් අල්ලාගෙන ජලාශයට එකවර පැන ඇති බවයි ආරංචි මාර්ග පවසන්නේ.
සිසුවියන් දෙදෙනෙක්ගෙන් එක් අයෙක් දිවි බේරාගෙන ඇති අතර අනෙක් සිසුවියගේ මළස් සිරුර ඊයේ (23) සවස සොයාගෙන තිබෙනවා. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තෙල්දෙණිය, පූඩලුඋයන ප්රදේශයේ පදිංචි අවුරුදු 17ක් වයසැති පාසැල් සිසුවියක්. දිවි බේරාගත් සිසුවිය මේ වනවිට තෙල්දෙණිය රෝහලේ ප්රතිකාර ලබමින් සිටින අතර ඇය දැඩි කම්පනයකට පත්ව සිටින බවයි තොරතුරු වාර්තා වන්නේ.