මහ මැතිවරණය පැවැත්වෙන දින වකවානු තුළ පාසැල් නිවාඩු දීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව නොවැම්බර් 13 වන බදාදා දින සිට පාසැල් නිවාඩු ලබා දීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ.
ඡන්ද මධ්‍යස්ථාන සඳහා යොදා ගන්නා පාසැල් නොවැම්බර් 12 වෙනිදා පාසැල් වේලාවෙන් පසුව අදාළ ග්‍රාම නිලධාරීන්ට භාරදීමට නියමිතව තිබෙනවා.
නැවත පාසැල් ආරම්භ වන්නේ නොවැම්බර් මස 18 වන දිනයි.