තෙල් පොළිම්, ගෑස් පෝළිම් වල දවස ගෙවාදැමු අවුරුදු දෙකකට පෙර රට පැවැති ආරාජික යුගය මතකද..ආර්ථිකය අන්තයටම කඩා වැටුණු දේශයේ ස්ථාවරත්වයට පත්කොට ජනතාව පීඩනයෙන් මුදවා ගැනීමේ එඩිතර තීරණය, හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා භාරගත් මොහොතේ සිට එතුමන්ට ශක්තියක් වෙමින් ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි මෙන්ම ජාතික ආරක්ෂක උපදේශක ලෙස සාගල රත්නායකයන් ඉටුකළ මෙහෙය අපරිමිතය.
හැකියාව සහ පළපුරුද්ද මත රටේ තෙල් හිඟය සුළු කාලයකින් නිමකොට, ගෑස් හිඟය නිමකොට ජනතාවට සහන ලබා දීමට ඔහු මූලිකත්වය ගත්තේය. එයින් වසර දෙකක් ඉක්ම ගිය අද දවස තුළ මෙරට ආර්ථිකය ස්ථාවර තත්ත්වයට පත්ව ඇත. පැවැතුණ තත්ත්වය සමඟ සසඳන විට එතරම් සුළු කාලයකින් එවන් ප්‍රගතියක් ලැබීම විශ්මය ජනකය. කෙසේ වෙතත් අවධානම සපුරා පහව ගොස් නැත. පළපුරුදු, දක්ෂ නැවියන් නොමැති කල්හි කොතරම් ශක්තිමත් නැවක් වුව කුණාටුව අභියස පැරදුුම නියතය.
විදෙස් රටවල් සමග පැවති සබඳතා ශක්තිමත් කොට අර්ථික ස්ථාවරත්වයට ඔවුන්ගේ සහාය ලබාගැනීම භාරදුර කාර්යයකි. එමෙන්ම IMF සමඟ සාකච්ඡා කොට ණය ප්රතිව්යුහකරණය කරගැනීමද දේශයේ ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරිමේදි ඉවහල් විය. මේ සියලු ප්රයත්න පසුපස දැවැන්ත ශක්තිය, ගාමක බලවේගය වුයේ සාගල රත්නායක නම් දේශහිතෛෂි නායකයාය.
වල්වැදි තිබු රටේ ජාතික ආරක්ෂාව නිසි ලෙස ස්ථාපනය කෙරිණි. ඒ භිෂණය ඔබගේ නිවසේ දොර අසළටම පැමිණි මොහොතකයි. යම් යම් කණ්ඩායම් රටේ නීතිය අතට ගෙන ආරක්ෂක අංශවලට පවා තර්ජනය කළ යුගය ඔබට අමතක නැතුව ඇත. ඒ සියල්ලෙන් රට මුදා සංහිදියාවක් ගොඩනැංවිමට එතුමන්ගෙ උපදේශකත්වය ඉවහල්විය. කිසිලෙසකින් අනාරක්ෂිත තත්ත්වයක් ඇති නොවන ලෙස රටේ මැතිවරණයක් පැවැත්වීමට හැකිවූයේ එවන් පසුබිමකය.
ආර්ථිකය කළමනාකාරිව හසුරුවා ගනිමින් ජීවන බරින් පීඩිතව සිටි ජනතාවට සහන දීමටද ඔහුගේ අවධානය යොමු විය. ඒ අනුව අස්වැසුම වැඩසටහන ක්‍රමවත් කර අඩු ආදායම්ලාභි ජනතාවගෙ ආර්ථිකය නඟා සිටුවන්නට ක්‍රියා කරන ලදී. උපන් බිමේ බිම් අඟලකුදු අහිමිව සිටි ජනයාට සින්නක්කර ඔප්පු ලබා දිමට එතුමන් ක්‍රියාකළේය. කොළඹ දිස්ත්‍රික්කයේ නිවාස අහිමි ජනයාට මහල් නිවාස ලබා දීමද එතුමන්ගේ සුවිශේෂි මෙහෙවර තුළ අමතක කළ නොහැකි දෑය. මෙතෙක් ඔප්පු නොලද පිරිස් හට ඉදිරියේදි ඒවා ලබාදීම ඇතුළු ජනතාවට සහන සැලසිමේ සැලසුම් රැසක් එතුමන් සතුය.
කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධාපනය හදාරා විදෙස් විශ්වවිද්‍යාලයන්හි උසස් අධ්‍යාපනය හැඳැරු සාගල රත්නායකයන් ජාත්‍යන්තර බැංකුවක මුල්‍ය කලමනාකරණ ක්ෂේත්රයේ විධායක රැකියාවක නිරත විය. සුව පහසු දිවියක් ගත කිරීමේ හැකියාව තිබුණද එතුමන් රැකියාව අතහැර දේශපාලන ක්ෂේත්රයට පිවිසෙන්නෙ තම හැකියාවෙන් රටට, ජනතාවට සේවයක් කිරිමේ උතුම් අධිටනින්ය. කිසිදු වංචා දූෂණ චෝදනාවක් නොමැති සුපිරිසුදු දේශපාලන ඉතිහාසයක් ඔහු සතුය.
එළැඹ ඇත්තෙ ජනතාවගෙ වාරයයි. රටට ජනතාවට සහන සලසන සැලසුම් රැසක් සහිත පරිණත පළපුරුදු දේශපාලන නායකයකු මෙවර පාර්ලිමේන්තුව තුළට පත්කර යැවිමේ වගකීම ජනතාව සතුය. නුවණින් සිතා නිවැරදි තීරණ ගෙන රට ගොඩනැංවීමේ සැලසුම දිනවීමට එක්වෙමු.