ගූගල් මවු සමාගම වන ඇල්ෆබට් සමාගම වරදකරු කරමින් රුසියානු අධිකරණය විසින් දඬුවමක් නියම කර තිබෙනවා. රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමඟම රුසියානු රාජ්‍ය නාලිකාවලට "යූ ටියුබ්" සමාජ මාධ්‍යය තහනම් කිරීමේ චෝදනාවටයි මෙලෙස දඬුවම් නියම කර ඇත්තේ.
රුසියාවේ ජාතික විකාශන අයිතිය ඇල්ෆබට් විසින් උල්ලංඝනය කර ඇති බවටයි රුසියාව චෝදනා කරන්නේ.
ඒ අනුව රුසියානු අධිකරණය විසින් ඇමරිකානු ඩොලර් ඩෙසිලියන් 20ක (ඩෙසිලියන් 20 ඉලක්කමෙන් ලියන විට 2 ට පසුව බිංදු 33 කි. - (2,000,000,000,000,000,000,000,000,000,000,000) දඬයක් ඇල්ෆබට් සමාගමට නියම කර තිබෙනවා.
''යූ ටියුබ්'' සමාජ මාධ්‍ය තුළ රුසියානු රාජ්‍ය නාලිකාවලට පනව ඇති තහනම මාස 09ක් ඇතුළත ඉවත් නොකලහොත් ඉන් පසුව ගතවන සෑම දිනකම එම දඩය දෙගුණ වන බවත් ප්‍රකාශ කර තිබෙනවා.
කෙසේ වෙතත් නීති විශාරදයෝ පෙන්වා දෙන්නේ මෙම දඩය සංකේතාත්මක එකක් බවත් දඬුවමේ සැබෑ අරමුණ රුසියානු රාජ්‍ය නාලිකාවලට ''යූ ටියුබ්'' සමාජ මාධ්‍ය තුළ පනවා ඇති තහනම ඉවත්කරවා ගැනීම බවත් ලෙසයි.
ලෝකයේ සියළුම රටවල් ගූගල් සමාගමට මෙතෙක් නියම කර ඇති දඩ එකතු කළද එය ඩෙසිලියන් 20 ට සමාන නොවන බවත් මෙම දඩය ලෝකයේ ආර්ථිකය මෙන් කිහිප ගුණයක් වන බවත් වාර්තා වනවා.