නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා රවී කරුණානායකගේ නම එම පක්ෂය විසින් ප්‍රකාශ කෙරුණු අතර එය ඊයේ (18) මැතිවරන කොමිසම විසින් ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කලා.
එම පත් කිරීම සිය පක්ෂයෙන් නොවිමසා ගත් තීන්තුවක් බවත් එය නීත්‍යානුකූල නොවන බවත් එම පක්ෂයේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් වජිර අබේවර්ධන ඊයේ (18) මාධ්‍ය හමුවකදී පවසා තිබුණා. මෙම පෙරමුණ නියෝජනය කරන පාර්ශව කිහිපයක්ම රවි කරුණානායක පත් කිරීම සම්බන්ධයෙන් විරෝධතාවය පළකර තිබුණා.
ඒ අතර අසාද් සාලිද සිටිනවා. ඔහු පවසා ඇත්තේ රවි කරුණානායකගේ නිවස වටලා මෙම තීන්දුව යළි හරවා දැමීමට කටයුතු කළ යුතු බවයි. මේ හේතුවෙන් අද දිනයේ දී යම් කලබලයක් ඇති වේ යැයි සැක ඇති වී තිබෙන බැවින් රවි කරුණානායකගේ නිවස ඉදිරිපිට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බව ආරංචි මාර්ග පවසනවා.