මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින ස්වාධීන අපේක්ෂකයෙකු වූ මන්ත්‍රී රාමනාදන් අර්චූන අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙන බව වාර්තා වනවා.
මෙම මන්ත්‍රීවරයාට එරෙහිව සිවිල් සංවිධාන සහ සිංහල සංවිධාන එකමුතුව විසින් අද (23) දිනයේ ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනු කර ඇති බවයි වාර්තා වන්නේ.
පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමෙන් පසු ජාතිවාදය අවුස්සමින් සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් වහාම මන්ත්‍රීවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස සිවිල් සංවිධාන සහ සිංහල සංවිධාන එකමුතුව පැමිණිල්ල ගොනු කර තිබෙනවා.
මෙ අතර මෙම මන්ත්‍රීවරයාගේ මන්ත්‍රී ධුරය අහෝසි වීමේ අවදානමක් මතුව ඇති බව දෙමළ මාධ්‍ය පුවත්පත් වාර්තා කර තිබෙනවා. ඒ වෛද්‍ය වෘත්තිකයෙකු වශයෙන් සේවය කරමින්ම සිටියදීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ලෙස දිවුරුම් දීම හේතුවෙන් බවයි පැවසෙන්නේ.
මෙරට නීතිය අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට රජයේ රැකියාවක නියැලෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට හැකියාව නැහැ.