පාර්ලිමේන්තුවේ සභාවාරයක් ආරම්භයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරිමට සහ පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම්වල මුලසුන හෙබවීමට ජනාධිපතිවරයාට බලතල හිමිවනවා.
ඒ අනුව, නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය නොවැම්බර් 21 වන දින සවස 3.00ට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පැවසෙන්නේ. ඒ 10 වෙනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ආරම්භයේදියි.
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නව ආණ්ඩුවේ ඉදිරි දැක්ම පිළිබඳව සවිස්තරාත්මක ප්‍රකාශයක් මෙහිදී ඉදිරිපත් කෙරෙනු ඇති.