මාරාන්තික රෝගවලින් පෙලෙමින් සිටින මාස හයක් හෝ ඊට අඩු ආයු අපේක්ෂාවක් ඇති වැඩිහිටියන්ට සිය කැමැත්තෙන් ජීවිතය අවසන් කිරීමට හැකි වන පරිදි වූ පනතක් සම්මත වී තිබෙනවා.
මෙම පනත සම්මත වී ඇත්තේ එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවේ දීයි. පනතට පක්ෂව ඡන්ද 330ක් ලැබී තිබූ අතර විපක්ෂව ලැබී තිබුණේ ඡන්ද 275ක් පමණයි.
එංගලන්තය සහ වේල්සය වෙනුවෙන් බලපැවැත්වෙන මෙම පනත අනුව වෛද්‍යවරුන් දෙදෙනෙකු සහ මහාධිකරණ විනිසුරුවරයකුගේ අනුමැතිය මත තම ජීවිතය අවසන් කිරීමට ඉහත කී පුද්ගලයින්ට හැකියාව ලැබෙනවා.