දහවන පාර්ලිමේන්තුවේ පළමු සැසි වාරය ආරම්භ වී තිබෙනවා.
සභාව ආරම්භයේ දී කතානායකවරයා සහ නියෝජ්‍ය කතානායකවරයා පත් කර ගනු ලැබුවා.
ඒ අනුව, අගමැතිනි හරිනි අමරසූරියගේ යෝජනාව සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ සම්මත කිරීමෙන් ආචාර්‍ය අසෝක සපුමල් රංවල 10වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පත්කරගෙන තිබෙනවා.
එසේම සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින් ජයතිස්ස විසින් යෝජනා කිරීමෙන් අනතුරුව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි විසින් සම්මත කරගත් පරිදි මොහොමඩ් රිස්වි 10වැනි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා ලෙස පත් කරගෙන තිබෙනවා.