පාර්ලිමේන්තු නව සභාවාරයේ ආරම්භක උත්සවය සම්බන්ධයෙන් තීරණයක්


භිනවයෙන් පත් වූ නව අමාත්‍යවරුන්ද සමඟින් දසවෙනි පාර්ලිමේන්තුව 21 වන බ්‍රහහස්පතිදා ‍රැස්වීමට නියමිතව තිබෙනවා. 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10ට එහි පළමු සභාවාරය ආරම්භ වනවා. නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය එදින උදෑසන 11.30ට ඉදිරිපත් කරන බවයි පැවසෙන්නේ.

එම ආරම්භක උත්සවය චාම්ව සිදු කිරීමට උපදෙස් ලැබී ඇති බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර පවසා තිබෙනවා. ඒ අනුව, ආරම්භක උත්සවය ඉතා චාම් අන්දමින් සිදු කරන බවයි පාර්ලිමේන්තු මහලේකම්වරයා පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu