නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිල නිවාස භාර දීමට ඇති බැවින් දැනට මාදිවෙල මන්ත්‍රී නිවාසවලින් ඉවත් නොවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඒවායින් ඉවත් වීමට දින නියම කර තිබෙනවා.
ඒ අනුව, අනිද්දා (21) වන විට එම මන්ත්‍රීවරුන් නිල නිවාසවලින් ඉවත් විය යුතු බවයි පැවසෙන්නේ.
බහුතර මන්ත්‍රීවරුන් පිරිසක් මේ වන විට නිල නිවාස භාර දී ඇති නමුත් තවත් සුලු පිරිසක් තවමත් මන්ත්‍රී නිවාසවල රැඳී සිටින බව වාර්තා වනවා.
මේ වනවිටත් නිල නිවාස නව මන්ත්‍රීවරුන්ට භාර දීම සඳහා පිළිසකර කරමින් පවතින බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.