අද (14) පෙරවරු 7.00ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගන්නා මහ මැතිවරණය ආරම්භ වුණා.
අපේක්ෂකයින් 8888ක් මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති අතර ඉන් 5006ක් පිළිගත් පක්ෂවලින් ද, 3346ක් ස්වාධීන පක්ෂවලින් ද ඉදිරිපත්ව ඇති බව සඳහන්. ජාතික ලැයිස්තුවෙන් තෝරා පත්කරගන්නා මන්ත්‍රීවරුන් සඳහා අපේක්ෂකයි න් 536 දෙනෙක් ඉදිරිපත්ව සිටිනවා.
තැපැල් ඡන්ද ගණන් කිරීම සවස 4.45ට ආරම්භ කරන අතර සාමාන්‍ය ඡන්ද ගණන් කිරීම පස්වරු 7.15ට ආරම්භ කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර ඇත්තේ.