පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් මහජනතාවට දැනුම්දීමක්


ළඹෙන මහපැතිවරණය හේතුවෙන් සේවාවන් ක්‍රියාත්මක නොකිරීමේ දින සම්බන්ධයෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, 2024.11.14 වන දින පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන බැවින් සහ දෙපාර්තමේන්තු නිලධාරීන් එම මැතිවරණ රාජකාරීවල නිරතවන බැවින්, එදින පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව ඇතුළු සියළු මහජන සේවාවන් ක්‍රියාත්මක නොවන බව එම දෙපාර්තමේන්තුව විසින් මහජනතාවට දන්වා තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu