ඉන්දියාවේ නවදිල්ලි නුවර වායු ගුණාත්මක අගය 1000 සීමාවද ඉක්වමා ගොස් තිබෙනවා. වායු තත්ත්ව දර්ශකයේ සාමාන්‍ය වායු ගුණාත්මක අගය 100ට වඩා පහළ අගයක තිබිය යුතු වනවා.
දිල්ලි නිවරට බලපා ඇති මෙම විෂ වායු දූෂණය හේතුවෙන් මහජනතාවට බරපතල සෞඛ්‍ය තර්ජනයකට ලක්ව තිබෙනවා.
මේ හේතුවෙන් දිල්ලි ප්‍රාන්ත රජය විසින් මධ්‍යම ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර ඇත්තේ විෂ වායු දූෂණය මැඩ පැවැත්වීම වෙනුවෙන් කෘත්‍රිම වැසි ඇතිකරන ලෙසයි. විශේෂඥයින් පවසන්නේ කෘත්‍රිම වැසි හරහා දැනට සිදුව ඇති වායු දුෂණය අවමකර ගත හැකි අතර වායු ගෝලයේ ඇති දූෂණ ද්‍රව්‍ය සෝදා හැරීම සිදුවනු ඇති බවයි.
වායු දූෂණය හේතුවෙන් රථවාහන අනතුරු කිහිපයක්ද ඇති වී තිබෙනවා. සෑම ශීත ඍතුවක දීම ඉන්දියාවේ වායු දූෂණය ඉහළ යාමක් පෙන්නුම් කරනවා. පන්ජාබ් සහ හර්යානා ප්රාන්තයන් හී ගොවින් විසින් ගොවිබිමේ ගිනිතැබීම මෙයට ප්‍රධාන හේතුව ලෙස සැලකෙනවා.