පවතින කාලගුණයේ නවතම තත්ත්වය


නි
රිත දිග බෙංගාල බොක්ක මුහුදේ පවතින ගැඹුරු පීඩන අවපාතය 2024 නොවැම්බර් 28 වැනි දින රාත්‍රී 11.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 240ක් පමන ඊසාන දෙසින් සහ කන්කසන්තුරය සිට කි.මී 290 පමණ නැගෙනහිර දෙසින් පිහිටා තිබුණා. එය වයම දෙසට ගමන් කරමින් තමිල්නාඩු වෙරළ දක්වා ගමන් කිරීමට වැඩි හැකියාවක් තිබෙනවා.

අද (29) දිනයෙන් පසු දිවයිනේ කාලගුණයට මෙම පද්ධතිය මඟින් වන බලපෑම ක්‍රමයෙන් අවම වනු ඇතැයි බලාපොරොත්තුවනවා. 

දිවයිනේ උතුරු සහ උතුරු මැද පළාත් වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකියි. 

බස්නාහිර සබරගමු සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බවත් සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එසේම, උතුරු, උතුරු මැද, වයඹ, මධ්‍යම, දකුණ සහ නැගෙනහිර පළාත්වල විටින් විට හමන පැ.කි.මී 60ක පමණ තද සුළං ද ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මුහුදු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට ඉතා තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි පැවතිය හැකි බැවින් නැවත දැනුම් දෙන තුරු මඩකලපුව සිට ත්‍රිකුණාමලය සහ කන්කසන්තුරය හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා. 

මේ අතර කලාඔය ද්‍රෝණිය සඳහා නිකුත් කල ගංවතුර අනතුරු ඇඟවීම ඉදිරි පැය 24 සඳහා ද දීර්ඝ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එසේම මල්වතු ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 48 සඳහා ද දීර්ඝ කර තිබෙනවා. 

මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ ප්‍රදේශය හරහා වැටී ඇති මාර්ගවල (විශේෂයෙන් අතුරු මාර්ගවල) ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා. 




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu