අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදුව තිබෙනවා. ඒ මාසික ඉන්ධන මිල සූත්‍රය අනුව සිදුවන සංශෝධනයන්ට අනුකූලවයි.
ඒ අනුව,
ඔක්ටේන් 92 ලීටරය - පවතින මිල රුපියල් 311-නව මිල රුපියල් 309
ලංකා සුදු ඩීසල් ලීටරය - පවතින මිල රුපියල් 283 - නව මිල රුපියල් 286
භූමිතෙල් ලීටරය - පවතින මිල රුපියල් 183 - නව මිල - රුපියල් 188
ඔක්ටේන් 05 පෙට්‍රල් මිල සහ සුපර් ඩීසල් ලීටරයක මිල සංශෝධනය වී නොමැත. ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 371.00ක්ව සහ සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 313 ලෙසම පවතිනවා.
IOC සමාගම සහ සිනොපෙක් සමාගමද මීට සමගාමීව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ප්‍රකාශයට පත් කළ මිල පරාසයන්වලට සමාන වන අයුරින් ඉන්ධන මිල සංශෝධනය කර තිබෙන බව සඳහන්.