නව පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් පැමිණෙන මන්ත්රීවරුන් සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ජාතික ජනබලවේග පක්ෂය පවසනවා.
මේ අතර පොදුජන පෙරමුණෙන් ජාතික ලැයිස්තුවෙන් නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පත් කිරීමට තීරණය කර තිබෙනවා.
සමගි ජනබලවේග පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් හිමි වූ ආසන 5, නව ප්රජාතන්ත්රවාදී පක්ෂයෙන් හිමි වූ ආසන 2, සර්ව ජනබලය පක්ෂයට, මුස්ලිම් කොංග්රසයට සහ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයට ආසන එක බැඟින් හිමි වීම සම්බන්ධයෙන් එම පක්ෂවලින් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන බවත් පැවසෙනවා.