පසුගිය වසරේ ජූලි මාසයේ දී මෙරටින් තායිලන්තයට ගෙන ගිය 30 හැවිරිදි වියේ පසුවන මුතුරාජා හෙවත් සක් සූරීන් ඇතාගේ ඇත් දළ කපා ඉවත් කිරීමට පශු වෛද්‍යවරුන් තීරණය කර තිබෙනවා.
තායිලන්තයේ ලම්පෑන්ග් ප්‍රදේශයේ අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ පශු වෛද්‍යවරුන් විසින් මෙම තීරණය ගෙන ඇති අතර ඔවුන් පවසන්නේ ඇතාගෙ දළවල බර සහ දිග නිසා ඇතාට දනික ජීවිතයට බලපෑමක් වී ඇති බවයි.
ඇත් දළවල බර නිසා ඇතා හිස පහත් කරගෙන ඇවිදින බවත් දිගින් දිගටම වර්ධනයවන ඇත් දළ මේ වනවිට පොළව ස්පර්ශ කරන බවත් ඔවුන් පෙන්වා දෙනවා. මෙම තත්ත්වය දිගටම පැවතුණහොත් එය ඇතාගේ සෞඛ්‍ය ගැටළුවලට තුඩු දෙනු බව වෛද්‍යවරු පවසනවා.
මේ වන විට පශු වෛද්‍ය කණ්ඩායම විශේෂඥයින්ගෙන් උපදෙස් ලබාගෙන ඇති අතර ඇත් දළ කෙටි සහ සැහැල්ලු බවට පත් කිරීම සඳහා සලකා බලමින් සිටිනවා.
දශක දෙකකට පමණ පෙර තායිලන්තයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද මුතු රාජා දම්වැලකින් බැඳ තබා තිබීම සහ උත්සව අවස්ථා සඳහා නිතර භාවිත කළ බැවින් රෝගතුරව පසුවූ බැවින් ඇතාට ප්‍රතිකාර කිරීම සඳහා තායිලන්ත පශු වෛද්‍යවරුන් කණ්ඩායමක් මෙරටට පැමිණියා. 2022 මැද භාගයේදී තායිලන්ත සංරක්ෂකයින් කණ්ඩායමක් මෙරටට පැමිණි අවස්ථාවේ දී ඇතාගේ තත්ත්වය දැක ඇතාව ආපසු තායිලන්තයට රැගෙන යාමට ඉල්ලීමක් කර තිබුණා. ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ආපසු තායිලන්තයට රැගෙන යාමට ප්‍රමාද වුවත් පසුගිය වසරේ දී මුතු රාජාව තායිලන්තය වෙත රැගෙන ගියා.