පොල්, පළතුරු ඇතුළු ප්‍රධාන ආහාර බෝගවලට ඉතා විශාල හානියක් සිදුකරන රිලවුන් සහ අනෙකුත් සත්ත්ව හානි පාලනයට ගත හැකි තිරසාර ක්‍රම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (20) කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ගරු කේ.ඩී ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.
එහිදී, බහුවිධ ක්‍රමෝපායන් යොදාගෙන හානිකර සත්ත්ව ගහන ව්‍යාප්තිය පාලනයට හා බෝගවලට සිදුවන හානි වැළැක්වීම වෙනුවෙන් කටයුතු කිරීම සඳහා විශේෂ ඒකකයක් එම අමාත්‍යාංශයේ පිහිටුවීමට කටයුතු සලසා තිබෙනවා. මේ සඳහා ක්ෂණිකව ක්‍රියාත්මක කල හැකි වැඩපිළිවෙලක් අනුව කටයුතු කිරීමට ද සැලසුම් සකස් කර තිබෙනවා.