සරම්ප එන්නත් ලබාදීම සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යායතනයෙන් නිවේදනයක්


රම්ප රෝගය මෙරටින් තුරන්ව තිබුණත් පසුගිය වසරේ දී ඇතැම් ප්‍රදේශවල සරම්ප රෝගීන් වාර්තා වුණා. 

මෙරටින් සරම්ප රෝගීන් තුරන් කිරීමේ අරමුණින් නැවත සරම්ප එන්නත් ලබා දීමේ විශේෂ වැඩසටහනක් අද (04) සිට ලබන 9 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. 

මෙහිදී ප්‍රධාන ඉලක්කගත කණ්ඩායම වී ඇත්තේ තරුණ පරපුරයි. කලින් සරම්ප එන්නත ලබානොගත් හෝ අතපසුවීමකින් බොහෝ වෙලාවට එසේත් නොමැති නම්, සරම්ප එන්නතින් සම්පූර්ණ ආරක්ෂාව ලබානොගත් හෝ එසේත් නොමැති නම්, සරම්ප එන්නත් මාත්‍රා එකක් පමණක් ලබාගත් අය තෝරා බේරාගෙන ඒ අයට නැවත වරක් සරම්ප මාත්‍රාවක් ලබාදීම  මෙම වැඩසටහනෙහි අරමුණ වන බවයි වසංගත රෝග විද්‍යායතනයේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා මහතා පවසා ඇත්තේ. 

අප රට තුළ සරම්ප රෝගට තුරන් කර ඇති නමුත් වෙනත් රටවලින් සරම්ප රෝගකාරක වෛරසය අපේ පරිසරයට ඇතුළුවීමේ අවදානමක් පවතින බැවින් එම අවදානනම තුරන් කිරීමට මෙසේ නැවත සරම්ප එන්නත් ලබා දෙන බවයි ඒ මහතා වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu